News

රතු හැට්ටකාරිය දිවි රඟ මඩලින් බැස යයි

ප්‍රවීන වේදිකා නාට්‍ය සහ සිනමා රංගන ශිල්පිනී අනුලා බුලත්සිංහල මහත්මිය අද(16) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

මිය යන විට ඇය 73 හැවිරිදි වියේ පසු විය.

එතුමිය අසනීප තත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇත.

රතු හැට්ටකාරි, තාරාවෝ ඉගිලෙති,කුවේණී, මහාසාර, චරිත දෙකක් වැනි වේදිකා නාට්‍යවලදී ද නිල් දිහන, ගෝල්, අසන්ධිමිත්තාවැනි සිනමාපටවලදී ද ඇගේ රංගන කුසලතාව කැපී පෙනිණි.

දී කිරි දී කිරි,රඟහල දැන් ඇත අඬ ඇඳුරේ, බුදුන් වඳින මේ දෑතින් වැනි ගීත ගායනයෙන් රසිකයන්ගේ මතකයේ නොමැකෙන සටහනක් ඇති කර ඇත.

මෙවර රාජ්‍ය නාට්‍ය උලෙළේදී ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන නාට්‍යකීර්ති සම්මානය ද ඇයට හිමිවිය.

අභාවප්‍රාප්ත අනුලා බුලත්සිංහලගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට(17) බොරැල්ල සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.