රනිල් හිටපු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පිළිබදව විමර්ශනයක් අරඹයි
එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු මහ මැතිවරණයේදී ක්‍රියාකර ඇති ආකාරය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත.
පක්ෂ නායකත්වයට ලැබුණු පැමිණිලි මත මෙම විමර්ශනය ආරම්භ කර තිබේ. මහ මැතිවරණයේදී ඔවුන්ට ප්රචාරක කටයුතු භාර දුන් කොට්ඨාසවල නිසි අයුරින් කටයුතු කර නොමැති බවත් අනවශ්‍ය වියදම් කර ඇති බවත් පක්ෂ නායකත්වය වෙත පැමිණිලි ලැබී ඇත.
මැතිවරණ ප්රචාරක කටයුතු කිරීම සඳහා ගමන් කිරීමේදී ඉන්ධන ලබාගත් බවට ඔවුන් දෙදෙනා පක්ෂය වෙත බිල්පත් ඉදිරිපත්කර ඇතත් එම මුදල් නොගෙවන ලෙසද පක්ෂ නායකත්වය දැනුම් දී තිබේ. එක් මන්ත්‍රීවරයකු යටතේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ ක්‍රියාත්මක වූ දේශපාලන ක්රමෝපායන් පිළිබඳ අංශයද පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් වෙත භාරදී ඇත. එම අංශයේ සේවක සේවිකාවන් 20ක් සේවය කර තිබේ.
උදයජීව ඒකනායක
