News

රඹුක්කන තැඹිලිකුඹුරවත්තට සංචරණ සීමා

රඹුක්කන කොත්තනවත්ත ග්‍රාම නිලධාරී වසමේ තැඹිලිකුඹුරවත්ත ප්‍රදේශයට සංචාර සීමා පැනවීමට කටයුතු කර තිබේ.

රඹුක්කන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් 29දා සිදුකල පී.සී.ආර් පරික්ෂණයකින් අනතුරුව කොවිඩි ආසාදිත රෝගින් 12දෙනෙකු තැබිලිකුඹුර වත්ත ප්‍රදේශයෙන් හමු වී තිබේ.

ආසාදිතයින් හමුවීමත් සමඟ දින නියමයකින් තොරව සංචරණ සීමා පැනවිමට රඹුක්කන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සහ රඹුක්කන පොලීසිය ඵක්ව කටයුතු යොදා ඇත.

මෙි වන විට කොත්තනවත්ත ප්‍රදේශයෙන් කොවිඩි ආසාදිත රෝගින් 18 දෙනකු හදුනා ගෙන ඇත.

කොරෝනා වෛරසය අසාදනය වු මෙම රෝගින් ඇසුරු කල පුද්ගලයන් සොයා නිරෝධායනය කිරිමට ඊයේ (31) දින මහජන සෞඛ්‍ය පරික්ෂකරු කටයුතු කර ඇති බව වාර්තා වේ