News

රාගම පෞද්ගලික රෝහලක් වසා දමයි

රාගම පිහිටි  පෞද්ගලික රෝහල මේ වන විට වසා දමා ඇති බව වාර්ථා වෙයි.

රෝහල් කළමනාකාරීත්වයේ නිලධාරියකුට කොරෝ්නා වෛරස ආසාදනය වී ඇති බව වාර්ථා වීමත් සමඟ මෙම ක්‍රියාමාර්ග ගෙන තිබේ.

මෙම නිලධාරියා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි උපදේශන සඳහා සහභාගී වූ නිලධාරියෙකු බව හඳුනාගෙන ඇත.

කන්දකාඩුහි උපදේශන සඳහා සහභාගී වූ මෙම තැනැත්තාද ඇතුළු උපදේශකවරුන් 32දෙනෙකු මේ වනවිට නිරෝධායනයට යොමුකර ඇත.

රෝහල් බාහිර ප්‍රතිකාර අංශය මෙන්ම වෛද්‍යවරුන් සියලුම සායන නවතා දමා ඇති බව වාර්ථා වෙයි