රාජිත පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට
හිටපු අමාත්‍යවරයකු වන රාජිත සේනාරත්න මහතා පාස්කු ප්‍රහාර මාලාව පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත කැඳවා ඇත.
ප්‍රකාශයක් ලබාගැනීම සඳහා සිදුකළ කැදවීමකට අනුව අද (11) පෙරවරු 09.30 ට පමණ රාජිත සේනාරත්න මහතා පොලිස් ඒකකය වෙත පැමිණි බව වාර්තා වේ.
මේ අතර ත්‍රස්තවාදී කටයුතු වැළැක්වීම සඳහාම විශේෂයෙන් ස්ථාපිත කරන ලද පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය, සහරාන් හෂීම් අත්අඩංගුවට ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වුවද පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන තුරුම ඔවුන් එසේ කිරීමට අසමත් වු බව හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා ජනාධිපති කොමිසම හමුවේ සඳහන් කර තිබේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වු අවස්ථාවේ මෙරට ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස කටයුතු කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (10) තෙවන දිනටත් සාක්ෂි ලබාදුන් අවස්ථාවේ දී මේ බව කියා සිටියා.
