රැඳවියන් බැලීමට ආ පිරිස ගැන විමසිල්ලෙන්
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටින රැඳවියන් බැලීම සඳහා 116 දෙනෙකු පැමිණ ඇති බවත් ඔවුන් විවිධ ප්‍රදේශයන්වල ස්වයං නිරෝධානයට යොමුකර ඇති බවත් හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එලෙස රැඳවියන් දැක බලා ගැනීමට පැමිණි පිරිස ගමන් කළ ප්‍රදේශවල කොරෝනා වෛරසය සමාජයට සම්ප්‍රේෂණය වී ඇති නම් එම ආසාදිතයින් මේ සතිය තුළ හඳුනාගැනීමට හැකියාවක් ලැබෙනු ඇති බවත් පවතින තත්ත්වය පොදුවේ පාලනය කර ගැනීමට හැකිව ඇතැයි ද යුද හමුදාපතිවරයා පවසයි.
