රියදුරු පුහුණු පාසල් ගැන රජය ගත් තීරණය
රියදුරු පුහුණු පාසැල් විධිමත්ව නියාමණය නොවීම හේතුවෙන් නිසි පුහුණුවක් නොමැති රියදුරන්ට වාහන බලපත්ර ලබා දීම මාර්ග අනතුරු ඉහළ යාමට හේතු වන බව මගී ප්රවාහන කළමණාකරණ ඇමැති මහින්ද අමරවීර පවසයි.
ඒ අනුව මෙරට පවතින 538 ක් වූ ලියාපදිංචි රියදුරු පුහුණු පාසල් අධික්ෂණය කිරීමේ පුළුල් ජාතික වැඩ පිළිවෙලක් ක්රියාත්මක කරන ලෙස ඇමතිවරයා විසින් මෝටර් රථ ප්රවාහණ කොමසාරිස් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ.
මීට අමතරව රියදුරු පුහුණු පාසැල්වල සේවය කරන උපදේශකවරුන්ට නිසි පුහුණුවක් තිබෙනවාද යන්න පිළිබඳව සොයාබැලිය යුතු බව පැවසූ ඇමතිවරයා බොහෝ රියදුරු පුහුණු පාසැල්වල සිටින උපදේශකවරු විශ්රාමලත් රියදුරෝ වන බැවින් ඔවුන් හොඳ රියදුරන් වුවද උපදේශණ හැකියාවක් තිබිය යුතු බවද සඳහන් කළේය. ඒ අනුව ඔවුන්ට විධිමත් පුහුණුවක් ලබාදිය යුතු බව ඇමතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
පසුගියදා මාර්ග අනතුරු පිළිබඳව හම්බන්තොටදී පැවති වැඩසටහනකට සහභාගී වෙමින් ඇමතිවරයා මෙම අදහස් පළ කළේය.
