News

රිෂාඩ් නැවත රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා නොවැම්බර් 13 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත නියෝග කර ඇත. එම නියෝගය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් සිදුකරනු ලැබුවා.

පසුගිය 2019 වසරේ ජනාධිපත්වරණසමයේ සාවද්‍ය මුදල් පරිහරණයක් සම්බන්ධයෙන් චෝදනාවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෙහිවල ප්‍රදේශයේදී බදියුදීන් මහතා අත්අඩංගුවට ගනු ලැබුවා. පසුව අධිකරණය අද (10) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.