News

රුසියානු කොරෝනා එන්නතෙන් සාර්ථක ප්‍රතිඵල ?

රුසියාවේ විද්‍යාඥයන් සංවර්ධනය කළ කොවිඩ් එන්නතෙන් සාර්ථක ලෙස මිනිස් සිරුර තුළ ප්‍රතිශක්තිය ගොඩනැංවීමට හැකිවී ඇති බව වාර්තාවනවා.

මේ සම්බන්ධව ලැන්සෙට් වෛද්‍ය සඟරාව වෙත තොරතුරු ඉදිරිපත් කර ඇත්තේ රුසියානු විද්‍යාඥයන් පිරිසක් විසින්.

කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිදේහ ගොඩනංවන එම එන්නතෙහි හානිකර අතුරු විපාක දක්නට නොලැබෙන බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

පසුගිය මාසයේ රුසියාව කොවිඩ් එන්නත දේශීය වශයෙන් භාවිතය සඳහා අවසර ලබාදුන්නේ එම පියවරට එළඹුණු ප්‍රථම රට ලෙසයි.