News

රුසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 266ක් දිවයිනට

කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රුසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 266දෙනෙකු අද (10) දිවයිනට පැමිණ තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් මොස්කව් නුවර සිට එම මගීන් 266දෙනා කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ ඇත.

මොවුන් රුසියාවේ උසස් අධ්‍යාපනය හැදෑරීම සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් වන බවට ද තොරතුරු වාර්තා වේ.

මෙරටට පැමිණීමෙන් අනතුරුව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදීම මොවුන් පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කර තිබේ.