ලංකාවේ මුස්ලිම් කොවිඩ් මරණ භූමදානය ගැන මාලදිවයින් රජය සලකා බලමින් සිටින බව කියයි
මෙරටදී කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් ජිවිතක්ෂයට පත්වන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු භූමදානය කිරීම සඳහා පහසුකම් සැලසීම සඳහා සහය දක්වන ලෙස ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකළ ඉල්ලීම සම්බන්ධයෙන් මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සොලිහ් සලකා බලමින් සිටින බව එරට විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා සාහිඩ් ට්විටර් සටහනක් තබමින් සඳහන් කරයි.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර දීර්ඝකාලීනව පවතින ද්විපාර්ශ්වික සබඳතා සහ වසංගතයේ අභියෝගයන්ට මුහුණ දීම සඳහා උපකාර කිරීම සහතික කිරීම සඳහා අවශ්‍ය කටයුතු කිරීම මාලදිවයින් ජනාධිපතිවරයාගේ අදහස වී තිබෙන බව මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

