News

ලක්ෂ 21ක් වටිනා මත්පැන් බෝතල් 600ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

ලක්ෂ 21කට අධික වටිනාකමින් යුක්ත රජයේ මත්පැන් බෝතල් 600ක් සමග සැකකරුවෙකු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය විසින් අද (02 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අතුරුගිරිය මිලේනියම් සිටි පදිංචිකරුවෙකි. 42 හැවිරිදි සැකකරු සතුව මත්පැන් ළග තබාගැනීමට හෝ විකිණීමම සදහා කිසිදු බලපත්‍රයක් නොමැති බව විමර්ශන වලදී හෙළිවී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු ඇදිරිනීතිය පවතින මෙම අවස්ථාවේ බස්නාහිර පළාත තුළ මත්පැන් බෙදාහැර අලෙවි කිරීමේ සංවිධානාත්මක කල්ලියක සාමාජිකයෙකු බව විමර්ශන වලදී වැඩිදුරටත් කරුණු අනාවරණය වී තිබේ.

පොලිස් සැරයන් බස්නායකට (38666) ලද තොරතුරක් මත මෙම ජාවාරම්කරුවන් පසුපස හඹා ගොස් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකොට ඇත.

බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරී ලලිත් අබේසේකර, පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා, හේමන්ත කුමාර, උප පොලිස් පරීක්ෂක රුක්ෂාන් බණ්ඩාර, ඩී කවිෂ්ක, පොලිස් සැරයන් ප්‍රසන්න (56958), සුනිල් (56951), ප්‍රසන්න (46248), පොලිස් කොස්තාපල් කුමාර (84762), ශාන්ත (83661).

හේමන්ත ලියනපතිරණ