News

ලබන සඳුදා සිට සියලු කාර්යාල දුම්රියන් ධාවනයට

අද (12) සහ හෙට (13) දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ප්‍රධාන දුම්රිය මාර්ගය, මුහුදුබඩ දුම්රිය මාර්ගය ඇතුලු සියලු දුම්රිය මාර්ග ආවරණය වන පරිදි දුම්රිය ධාවන කටයුතු සිදුකරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

ලබන සඳුදා දින (14) සිට සියලු කාර්යාල දුම්රියන් ධාවනය සඳහා යෙදවීමට පියවර ගන්නා බව ද ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.