ලාංකිකයන් 17ක් වරායේ කන්ටේනරයක නිරෝධායනයේ
කොරෝනා ආසාදිතයන් දෙදෙනකු සිටි බව කියන ඉන්දියානු නැවක සේවය කිරීමට ගිය ශ්රී ලාංකික සේවකයන් දාහත් දෙනකු වරාය පරිශ්රයේ පිහිටි කන්ටේනර් පෙට්ටියක නිරෝධායනයට යොමුකර තිබේ.
එස්.පී. ද බ්රවුන්ස් නමැති ඉන්දියානු නැවේ ඉන්දියානු ජාතිකයන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී තිබූ බව වරාය ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය 3 වැනිදා එම නැව දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
කන්ටේනර් පෙට්ටිය තුළ දිවා කාලයේදී සිටීමට අපහසු බැවින් කාඩ්බෝඩ් කැබලි අතුරා වරාය පරිශ්රයේ හෙවණ සහිත ස්ථානවල මෙම සේවක පිරිස සිටීම නිසා තමන් ඉතා අපහසුතාවට පත්වී ඇති බව වරාය සේවකයෝ පැවසූහ.
හේමන්ත ලියනපතිරණ
