ලියාපංදිචි නොවූ මන්ත්රීවරුන්ට පාර්ලිමේන්තු ලේකම්ගෙන් දැනුම්දීමක්
2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරීපත්වූ මන්ත්රීවරුන්ට සිය තොරතුරු ලබාදීමට දී තිබූ කාලය අද (15) දිනයෙන් අවසන් වේ.
පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා සදහන් කළේ පාර්ලිමේන්තුවට තේරීපත් වී මෙතෙක් සිය තොරතුරු ලබා දී නොමැති සියලු මන්ත්රීවරුන් අද දිනයේ අදාළ තොරතුරු ලබාදීමට කටයුතු කළ යුතු බවයි.
රට තුළ පවතින කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් මන්ත්රිවරුන්ගේ තොරතුරු ඔන්ලයින් ක්රමය මගින් ලබා ගැනිමට පසුගියදා තීරණය කළේය.
ඒ අනුව, පසුගිය 11 වනදා සිට ඔන්ලයින් ක්රමය යටතේ අදාළ තොරතුරු ලබා ගැනිම ආරම්භ කළ බව මහ ලේකම්වරයා සඳහන් කළේය.
එහෙත් ඊයේ (14) දිනය වන විට අදාළ තොරතුරු ලබාදී ඇත්තේ මන්ත්රීවරුන් 190 දෙනෙකු පමණ බව ද පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේය.
මෙතෙක් සිය තොරතුරු ලබාදී නොමැති මන්ත්රීවරුන් අද දිනය තුළ තොරතුරු ලබාදීමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා ඉල්ලා සිටියි.
