ලීසිං විමර්ශන කමිටුවට පැමිණිලි ගලයි
බැංකු නොවන මූල්‍ය ආයතනවල (ලීසිං) අක්‍රමිකතා සොයා බැලීමට පත් කරන ලද විශේෂ විමර්ශන කමිටුවට ලැබෙන පැමිණිලිවල හදිසි වැඩිවීමක් සිදුව ඇති බැවින් අදාළ කමිටු වාර්තාව සම්පූර්ණ කිරීමට අමතර කාලයක් ඉල්ලා ඇත.
පසුගිය සඳුදා (ජුනි 29) වන විට අපට ලැබී තිබුණේ පැමිණිලි 60ක් පමණයි. ඒවායින් බොහොමයක් විද්‍යුත් තැපෑල ඔස්සේයි. එදින අප වාර්තාව සකස් කොට අවසන් කිරීමට නියමිතව පැවතුණත් පසුගිය බදාදා (ජූලි 01) වන විට අපට තවත් පැමිණිලි ලැබීමට පටන් ගත්තා. ජූලි 02 සවස් වන විට ලැබී තිබුණු පැමිණිලි සංඛ්‍යාව 220ක්’’
මෙලෙස වාර්තාව සකස් කිරීමට ලබා දී තිබුණු සතියක කාලයෙන් අනතුරුව ලැබුණු පැමිණිලි විශාල සංඛ්‍යාව සලකා බලා පසුගිය බදාදා (ජූලි 01) වන විට ඉදිරිපත් කළ යුතුව තිබුණු වාර්තාව අවසන් කොට ඉදිරිපත් කිරීමට තවදුරටත් කාලය ලබා ගත් බව අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
ඒ අනුව නව පැමිණිලි ප්‍රතික්ෂේප කිරීම අවශ්‍ය නොව බැවින් ඒවා පිළිබඳ සලකා බලා ලබන සතියේ දිනයක දී අවසන් වාර්තාව ඉදිරිපත් කිරීමට කමිටුව අපේක්ෂා කරයි.
නයන තරංග ගමගේ
