ලෝරා සුළි කුණාටුවෙන් 14 ක් මරුට
ලෝරා සුලි කුණාටුව හේතුවෙන් අමෙරිකාවේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 14 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
ලුසියානා ප්‍රාන්තයේ පුද්ගලයින් 10 දෙනෙකු සහ ටෙක්සාස් ප්‍රාන්තයේ පුද්ගලයින් සිව්දෙනෙකු සුළි කුණාටු හේතුවෙන් මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
නිවාස ලක්ෂ 5 ක අධික සංඛ්‍යාවක් සඳහා විදුලිය ද විසන්ධි වී ඇති බව වාර්ථා වෙයි.
පීඩාවට පත් සියලුදෙනාට කඩිනමින් මූල්‍ය ආධාර ලබාදෙන ලෙස ලුසියානා ආණ්ඩුකාරවරයා එරට රජයෙන් ඉල්ලා ඇති බව සඳහන්ය.
කෙසේවෙතත් පීඩාවට වූ පුද්ගලයින්ගේ සුවදුක් විමසීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද ලුසියානා සහ ටෙක්සාස් යන ප්‍රාන්තවල සංචාරය කිරිමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කළේය.
