වකුගඩු රෝගීන්ට 5000 දෙන්න යෝජනාවට කැබිනට් අනුමැතිය
දිවයින පුරා විසිරි සිටින අඩු ආදායම් ලාභී වකුගඩු රෝගීන් තිස්නව දහස් එකසිය හැට නවයක් සඳහා රුපියල් පන්දහස බැගින් ලබාදීමට අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට ඊයේ (10 වැනිදා) අනුමැතිය ලැබී ඇත.
ඒ සඳහා වැය කරන මුදල රුපියල් කෝටි දෙසීය තිස් පහක් පමණ වේ.
2020 වර්ෂය සඳහා වකුගඩු රෝගීන්ට රුපියල් පන්දහස බැගින් ගෙවීමට මෙම මුදල් වැය වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
අනුරාධපුරය, පොළොන්නරුව, මාතලේ, ත්‍රිකුණාමලය, අම්පාර, වවුනියාව, කුරුණෑගල, මුලතිව්, බදුල්ල, මොනරාගල, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අසූ දෙකකින් මෙම වකුගඩු රෝගීන් වාර්තා වේ.
උදයජීව ඒකනායක
