News

වටවල කම්හලක ආසාදිතයන් 28ක් සොයාගෙන

 

 

හැටන් වටවල ප්‍රදේශයේ පෞද්ගලික ඇගළුම්හලක අද (25) උදැසන කරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාවේදී සේවක සේවිකාවන් 28ක් ආසාදිත බව හඳුනා ගෙන ඇත.

සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ එම පිරිසගේ ශරීරයට වෛරසය ආසාදනය වී ඇති බවයි.

එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ආසාදිත සේවිකාවන් 6 දෙනෙකු සේවකයින් සිව් දෙනෙකු ඊයේ (24) නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමුකර තිබුනා. එබැවින් අද (25) දිනයේ කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 451දෙනෙකුට ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂාවට භාජනය කර තිබුනා. අනතුරුව එම පරික්ෂාවේදී සේවිකාවන් 21දෙනෙකුට සහ සේවකයින් 7 දෙනෙකුට කොවිඩ් ආසාදිත බව හඳුනා ගෙන ඇත.

ආසාදිතයන්ගේ පවුල් වල සාමාජිකයන් ස්වයං නිරෝධායනයට යොමුකිරීමට නියමිතයි.

ආසාදිත වැඩි පිරිස අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල පදිංචිකරුවන් බවද අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සඳහන් කරනවා.