News

වනාතවිල්ලුවේ වනාන්තරයක් එළි කරලා

වනාතවිල්ලුව ප්‍රදේශයේ කූරටියාමොහොට්ටේ ප්‍රදේශයේ ඇති වනාන්තරයක් හෙළි පෙහෙළි කර ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් චතුරක ජයසිංහ මහතා සඳහන් කරයි.

වනාතවිල්ලුව ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලකයෙකු සහ තවත් කීප දෙනෙකු එකතුවී අක්කර 100 කට වැඩි මෙම භූමිය හෙළි පෙහෙළි කර ගිනි තබා අලෙවි කිරීමට සූදානම් වන බව ප්‍රදේශවාසීන් සඳහන් කරයි.

කිසියම් පිරිසක් රහසිගතව මෙම ඉඩම පිරිසුදු කරන බවට ලැබුණු තොරතුරක් අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් චතුරක ජයසිංහ මහතා පැවසීය.

කිසියම් පිරිසක් විසින් පිරිසිදු කර ඇති මෙම භූමිය බදු පදනමක් මත ලබා දී ඇති ඒකක්ද? රජයේ ඉඩමක්ද යන්න සම්බන්ධයෙන් සොයා බලන බවද ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කළේය.

 

ජූඩ් සමන්ත- පුත්තලම