ව්‍යාජ නෝට්ටු තොගයක්
ව්‍යාජ ලෙස සකස්කරන ලද මුදල් නෝට්ටු බන්ඩල් 128ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත .
මුල්ලේරියාව ගල්වාන ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (17) දහවල් මෝටර් රථයක් පරික්ෂා කිරීමේ දී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
රුපියල් පන්දහසේ නෝට්ටුවක එක් පැත්තක් පමණක් මුද්‍රණය කර එවැනි නෝට්ටු දෙකක් උඩ සහ යට පෙනෙන ආකාරයට තබා සකස් කළ බන්ඩල් 128ක් බෑගයක් තුළ අසුරා ප්‍රවාහනය කරමින් තිබී ඇත.
සැකකරුවන් ජාඇල, අංගොඩ සහ මුල්ලේරියාව ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් ගමන් කළ මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන තිබේ. මුල්ලේරියාව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
