වැඩිමිලට වැලි වික්කොත් බලපත්‍රය අහෝසියි
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ කැණීම් බලපත්‍ර ලබාගෙන වැලි විකිණීම සිදු කරන වැලි තොටුපොළවල වැඩි මිලට වැලි විකුණන්නේ නම් එම කැණීම් බලපත්‍ර අහෝසි කරන බව කාර්යාංශයේ සභාපති අනුර වල්පොල පවසයි.
තොටුපොළකදී වැලි කියුබයක් රුපියල් අටදහසක් සහ ප්‍රවාහන බලපත්‍රය සඳහා රුපියල් එකසිය හයයි සත විස්සක් පමණක් අයකළ යුතු බවද සභාපතිවරයා කීවේය.
නමුත්,වැඩි මිලට වැලි අලෙවි කරන බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද ඔහු පැවසුවේය.
වැලි වැඩි මිලට අලෙවි කරන්නන් වැටලීම සඳහා කණ්ඩායම් යොදවා ඇතැයිද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිවරයා සඳහන් කරයි.
සාලිය කුමාර ගුණසේකර
