News

වැඩිම ආසාදිතයන් ගණන බස්නාහිරින්

 

කොවිඩ් ආසාදිතයන් 674 දෙනෙකු ඊයේ (27) දිනයේ හඳුනා ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මෙලෙස හඳුනා ගත් ආසාදිතයන් ගෙන් 54 දෙනෙකු බන්ධනාගාර ආශ්‍රයෙන් හඳුනා ගෙන තිබෙනවා.

එසේම ඊයේ (27) හඳුනාගත් ආසාදිතයන් ගෙන් 06 දෙනෙකු මෙරටට පැමිණි ලාංකිකයන් වනවා.

එසේම ඊයේ (27) දිනයේ වැඩි ආසාදිතයන් ගණනක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හමුව තිබෙන අතර එය සංඛ්‍යාත්මකව 174ක් ලෙස වාර්තා වි ඇත. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 153ක් , කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 110ක් වශයෙන් ද හඳුනාගෙන තිබෙනවා.

මෙරට සමස්ත ආසාදිතයන් ගණන 41,054ක් බවට පත්ව ඇති අතර ඉන් රෝගීන් 32,701ක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් ආසාදිතයින් 8,162 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

මෙරට සමස්ත ආසාදිත මරණ ගණන 191ක් බවට පත්ව ඇත.

ඊයේ (27) දිනයේ ආසාදිතයන් හමුවූ දිස්ත්‍රික්කයන් මේ ආකාරයෙන් වාර්තා වී තිබේ,

කොළඹ දිස්ත්‍රික්කය – 174
ගම්පහ දිස්ත්‍රික්කය – 153
කළුතර දිස්ත්‍රික්කය – 110
මහනුවර දිස්ත්‍රික්කය – 52
රත්නපුර දිස්ත්‍රික්කය – 50
නුවරඑළිය දිස්ත්‍රික්කය – 26
කෑගල්ල දිස්ත්‍රික්කය – 21
ගාල්ල දිස්ත්‍රික්කය – 20
මාතර දිස්ත්‍රික්කය – 19
කුරුණෑගල දිස්ත්‍රික්කය – 15
පුත්තලම දිස්ත්‍රික්කය – 08
අනුරාධපුර දිස්ත්‍රික්කය – 05
අම්පාර දිස්ත්‍රික්කය – 05
හම්බන්තොට දිස්ත්‍රික්කය – 03
මඩකලපුව දිස්ත්‍රික්කය – 02
මොනරාගල දිස්ත්‍රික්කය – 02
මාතලේ දිස්ත්‍රික්කය – 02
පොළොන්නරුව දිස්ත්‍රික්කය – 01