වැඩිම ආසාදිතයන් පිරිස කොළඹින්
කොවිඩ් ආසාදිතයන් 662ක් හඳුනා ගෙන ඇති අතර ඊයේ (18) හඳුනා ගත් එම ආසාදිතයන් ගෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගෙන තිබේ.
හඳුනාගත් ආසාදිතයන් ගෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් 259ක් හඳුනාගෙන තිබේ. එසේම කළුතර දිස්ත්‍රික්කයෙන් 164ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 79ක් හා සෙසු ආසාදිතයින් 158 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් හඳුනාගෙන ඇත.
තවද මේ වන විට සමස්ත ආසාදිතයන් ගණන 36,049ක් බවට පත්ව ඇති අතර ආසාදිත රෝගීන් 8,823ක් මේවන විටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.
එසේම ඊයේ වාර්තා වූ ආසාදිත ආසාදිත මරණ 05 සමග සමස්ත මරණ ගණන 165ක් බවට පත්ව ඇත.
