News

වැඩිම දෛනික ආසාදිතයන් ගණන කොළඹින්

 

කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණයක් ඊයේ (06) දිනයේ හමුවී ඇති අතර එය සංඛ්‍යාත්මකව 295ක් බව වාර්තා වනවා.

එසේම මෙරටින් ඊයේ(06) දිනයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් ගණන 649ක් වන අතර ඉන් 87දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර කළුතර දිස්ත්‍රික්කයෙන් 51දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

මේ අතර එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි එක් ශ්‍රී ලාංකිකයෙකු ද ඊයේ (06)කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනා ගෙන තිබෙනවා.

එසේම මේ දක්වා වාර්තාවූ සමස්ත ආසාදිතයන් ගණන 27,876 ක් බවට පත්ව තිබෙනවා. ඉන් 20,459දෙනෙකු පුර්ණ සුවය ලබා ඇති අතර තවත් 7,277දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.