News

වැලිකඩ බන්ධනාගාරයට සී.සී.ටී.වී

වැලිකඩ බන්ධනාගාරයට සී.සී.ටී.වී කැමරා පද්ධතියක් සවිකරන බව බන්ධනාගාර මූලස්ථානය සඳහන් කරයි.

බන්ධනාගාරය තුළ සිදුවන පාතාල ක්‍රියාකාරකම් හා කප්පම් ජාවාරම් ඇතුළු අපරාධ සැලසුම් කිරීම හා ඒවා ක්‍රියාත්මක කිරීම මැඩපැවැත්වීම සඳහා මෙලෙස සී.සී.ටී.වී කැමරා පද්ධතියක් සවි කිරීමට බලාපොරොත්තු වන බව බන්ධනාගාර මූලස්ථානය වැඩිදුරටත් පැවසීය.

බූස්ස බන්ධනාගාරයේ සහ අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ මේ වනවිට සී.සී.ටී.වී කැමරා පද්ධතියක් සවි කර ඇති බවද බන්ධනාගාර මූලස්ථානය සඳහන් කරයි.