News

වැලිගම තවත් හයදෙනෙකුට කොරෝනා

මාතර වැලිගම ප්‍රදේශයෙන් අද (10) දිනයේත් කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ හයදෙනෙකු හදුනාගෙන තිබේ.

ඒ අනුව වැලිගම ප්‍රදේශයෙන් මේ වන විට හදුනාගෙන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 24ක් දක්වා ඉහළ යනු ඇත.

ඊයේ දිනයේදී ද කොරෝනා ආසාදිත රෝගින් 18 දෙනෙකු වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ ගම්මාන 06කින් හදුනා ගැනිණි.