News

වැසි රහිත කාලගුණයක්

දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දේපාර්තමේන්තුව නිවේදනය කළේය.

කෙසේ වෙතත් උදෑසන කාලයේදී බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට පැ.කි.මි 40-50 දක්වා තද සුළං ඇති විය හැකි බව ද දන්වා තිබේ.