News

විද්‍යාපීඨ සඳහා අයදුම්පත් භාර ගැනීම Online ක්‍රමයට

2020 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් බඳවා ගැනීම සඳහා අයදුම් කිරීම මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ පමණක් සිදුකළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

2018 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල මත 2020 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් ඇතුළත් කිරී‍මට අදාළ ගැසට් නිවේදනය අද(04) ගැසට් පත්‍රයේ පළ කෙරේ.

මේ සඳහා අයදුම් කිරීම මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ පමණක් සිදුකිරීමට එමඟින් උපදෙස් ලබා දී ඇති අතර, ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස අදාළ අයදුම්පත් සම්පූර්ණ කළ යුතුය.

අයදුම්පත් යොමු කළ හැකි අවසන් දිනය 2020 සැප්තැම්බර් මස 25 වැනි දිනයි.

මාර්ගගත අයදුම්පත් ඉදිරිපත් කිරීමේ දී මතුවන ගැටළු සම්බන්ධයෙන් විමසීම රාජකාරී වේලාවන් තුළ දුරකථන අංක 0112787303/0112787385/0112787393/ 0112787399/0112787444 මගින් සිදුකළ හැකි අතර, ncoe_application@moe.gov.lk යන නිල විද්‍යුත් ලිපිනය මගින් ද ගැටළු ඉදිරිපත් කළ හැකිය.

දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19 ක, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන පාඨමාලා 50ක් ‍සඳහා මෙවර සිසුන් 4253ක් බඳවා ගැනීමට නියමිත ය.