News

විදුලි බිල හදල තියෙන විදිය මටත් පැටලෙනවා

ඇඳිරි නීතිය පැවැති සමයේ තම නිවසේද විදුලි බිල වැඩිවී ඇති නමුත් තමා නිවසේ රැඳී සිටි බැවින් එම බිල් වැඩිවීම සාධාරණ බව මගී ප්‍රවාහන කළමනාකරණ හා විදුලි බලශක්ති ඇමැති මහින්ද අමරවීර පවසයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (24 වැනිදා) ඛනිජ තෙල් සංස්ථාවේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා,

විදුලි බිල සම්බන්ධව ලොකු ප්‍රශ්නයක් තියෙනව. අපිටත් දිගටම දුරකථන ඇමතුම් එනවා. චෝදනා කරනවා. මටත් මේ විදුලිබිල හදල තියෙන විදිය පැටලෙනවා. නමුත් ගෙවල්වල හිටපු කාලෙ ගෘහස්ථ විදුලි පරිභෝජනය වැඩිවෙලා කියන එක පැහැදිලිව කියන්න පුළුවන්. අපේ ගෙදරත් බිල වැඩිවෙලා. මමත් ගෙදර හිටියේ. දිගටම රූපවාහිනිය දාලා, චිත්‍රපට බැලුවා. කෑම වර්ග හැදුවා. වායු සමීකරණය පාව්චිච් කරනවා වැඩියි. ඒ නිසා මීටරේ කැරකෙනවා.

යම් පාරිභෝගිකයකුගේ බිල්පත වැරදි විදියට හැදිලා තියෙනවා නම් එය නිවැරදි කරන්න අපි ලංවිම ට උපදෙස් දීලා තියෙනවා. ලංවිම පාඩු ලබන තත්ත්වයේ තියෙන්නේ. නමුත් අනිසි ලාභයක් ලංවිම ට අවශ්‍ය වෙන්නේ නෑ යැයිද පැවසීය.

ශිරන්තනි මානවඩු