News

විදෙස්ගත ලාංකිකයන් 291ක් දිවයිනට

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව මැලේසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 291 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

ක්වාලාලාම්පූර් ගුවන්තොටුපළේ සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය අද (22) පස්වරු 2ට පමණ කටුනායක ගුවන්තොටුපළ වෙත ළඟා වී ඇත.

ඔවුන් කටුනායක ගුවන්තොටුපළේ දී පී.සී.ආර් පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායන කටයුතු සඳහා යොමු කර ඇති බව වාර්තා වේ.