විදෙස්ගත ලාංකිකයන් 371ක් දිවයිනට
කොරෝනා වසංගත තත්වය හේතුවෙන් විදේශයන්හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 371 ක් අද(03) අලුයම දිවයිනට පැමිණ තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකිකයන් 362 දෙනෙකු අද(03)අලුයම 2.40 ට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 264 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඉන්දියාවේ චෙන්නායි සිට අද(03) අලුයම 4.50 ට ශ්‍රී ලාංකිකයන් 09 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1026 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ගුවන් මගීන් සියලු දෙනාම කටුනායක ගුවන් තොටුපළේ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කිරීමෙන් අනතුරුව නීරෝධායන කටයුතු සදහා යොමු කර තිබේ .
