News

විදෙස්ගත ලාංකිකයන් 398ක් දිවයිනට

කොරෝනා නිසා මෙරටට පැමිණීමට නොහැකිව කටාර් රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකිකයන් 398 දෙනෙකු අද (31දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

කටාර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටි පිරිසක් කටාර් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් මෙලෙස දිවයිනට පැමිණ තිබේ.

ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළේ දී පී.සී.ආර්. පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව නීරෝධායන කටයුතු සදහා යොමු කර තිබේ .