News

විදෙස්ගත ලාංකිකයන් 745ක් දිවයිනට

විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකීකයින් 745 දෙනෙක් අද (20) අලුයම දිවයිනට පැමිණ තිබේ.

දෝහා කටාර්, කුවේට් , චෙන්නායි,එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හා ඩුබායි සිට පුද්ගලයින් මෙලෙස දිවයිනට පැමිණ තිබේ.

කටාර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙකු රැගෙන කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් අලුයම 1.31 ට දෝහා සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

කුවේටයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 266 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන විශේෂ ගුවන් යානය අලුයම 4.22 ට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

ඉන්දියාවේ චෙන්නායි හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 290 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් අලුයම 5.08 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 169 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන විශේෂ ගුවන් යානය අලුයම 5.30 ට ඩුබායි සිට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

ඔවුන් සියලු දෙනා ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට නියමිතය.