News

විදෙස්ගත ලාංකිකයින් 98ක් කොරෝනා බිලි ගනී

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 98 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බව විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.

ඔවුන් අතරින් වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මැද පෙරදිග රටවලින් බව වාර්තා වේ.

සෞදි අරාබියේදී ශ්‍රී ලාංකිකයින් 35 දෙනෙකු මියගොස් ඇති අතර කුවෙට්හි දී 21 දෙනෙකු මියගොස් තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ශ්‍රී ලාංකිකයින් 10 දෙනෙකු ද, කටාර්හිදී 6 දෙනෙකුද , බ්‍රිතාන්‍යයේ දී 5 දෙනෙකු ද මියගොස් ඇති බව විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.

අමෙරිකාවේදී සහ කැනඩාවේදී ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා බැගින්ද , බහරේන්, ජෝර්දාන් , ජර්මනිය සහ ඉතාලිය යන රටවලදී ශ්‍රී ලාංකිකයින් දෙදෙනා බැගින් සහ ඊශ්‍රායලයේදී ද එක් ශ්‍රී ලාංකිකයෙකු කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මිය ගොස් ඇති බව විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.