විදෙස් ගත ලාංකිකයන් පිරිසක් දිවයිනට
කොරෝනා වසංගතය හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ජපානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 36 දෙනෙකු මෙරට රජයෙන් ලබා ගත් විශේෂ අවසරය මත දිවයිනට පැමිණ තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙකු ඊයේ(12) රාත්‍රී 11.30 ට පමණ ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
ජපානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 16 දෙනෙකු අද(13) අලුයම 3.50 ට නරීටා සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
පැමිණි ගුවන් මගීන්ගේ කොළඹ නවලෝක පෞද්ගලික රෝහලේ කාර්යය මණ්ඩලය මගින් පී.සී.ආර් පරීක්ෂණ සිදු කර නීරෝධායන කටයුතු සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සංචාරක හෝටල් වෙත රැගෙන ගොස් තිබේ.
