News

විදෙස් නාවිකයන් පිරිසක් දිවයිනට

නැව් වල කාර්යය මණ්ඩලය ලෙස සේවය කිරීම සදහා විදේශීය නාවිකයන් 111 දෙනෙකු රටවල් තුනක සිට ගුවන් යානා තුනකින් අද(30) අලුයම කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

ඉන්දීය ජාතික නාවිකයන් 77 දෙනෙකු අද(30)අලුයම 4.20 ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ 9034 දරන විශේෂ ගුවන් යානයෙන් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

යළිත් මෙම ගුවන් යානය මෙරට රැදී සිටි , සේවය නිමා කළ ඉන්දීය ජාතික නාවිකයන් 10 දෙනෙකු රැගෙන අලුයම 5.40 ට යළිත් ඉන්දියාවේ චෙන්නායි ගුවන් තොටුපළ බලා පිටත්ව ගොස් තිබුණි .

කටාර් රාජ්‍යයේ දෝහා සිට අද(30) අලුයමකටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් එරට සිට තවත් විදේශීය නාවිකයන් 32 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

ඒ සමගම අබුඩාබි සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 264 දරන ගුවන් යානයෙන් තවත් මුහුදු නාවිකයන් 02 දෙනෙකු අද(30) අලුයම 12.05 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.