News

විදෙස් නියෝජිතයින් අනිවාර්ය නිරෝධායනයකට

විවිධ ව්‍යාපෘති ඇතුළු කටයුතු සඳහා විදේශයන්හි සිට මෙරටට පැමිණෙන නියෝජිතයින් සති දෙකක අනිවාර්ය නිරෝධායනයකට ලක් විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙරටට පැමිණීමට පෙර මෙන්ම පැමිණීමෙන් පසුව ද ඔවුන් පී.සී. ආර් පරීක්ෂණ සඳහා ලක්වීම අනිවාර්ය බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා තවදුරටත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගත වීම වැදගත් බව වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.