News

විදෙස් රටවල් කිහිපයක රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 523ක් දිවයිනට

මෙරටට පැමිණීමට නොහැකි විදෙස් රටවල් කිහිපයක රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 523 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට 300දෙනෙක්, කටාර් හි සිට 127ක් සහ ඉන්දියාවේ සිට 96දෙනෙක් මෙලෙස දිවයිනට පැමිණ ඇත.

කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ චීනය සහ ජර්මනියේරැදී සිටින ශ්‍රී ලාංකිකයින් 33දෙනෙකු අද (12) දිනය තුළ දිවයිනට පැමිණීමට නියමිත බවයි.

එලෙස දිවයිනට පැමිණෙන සියලුම මගීන් ගුවන් තොටුපළ තුළදීම පී.සී.ආර්. පරීක්ෂණ වලට යොමු කිරීමෙන් පසු නිරෝධායනය සදහා යොමු කෙරෙනු ඇති.