විදෙස් රටවල් 3ක රැඳීසිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට
විදෙස් රටවල් රැඳීසිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ තවත් 381 දෙනෙකු අද (18) දිවයිනට පැමිණ තිබේ.
අප වාර්තාකරු සදහන් කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය, මාලදිවයින සහ ඉන්දියාව යන රටවල සිට එම ශ්‍රී ලාංකිකයින් පිරිස දිවයිනට පැමිණි බවයි.
මෙලෙස පැමිණි සියලුදෙනා ගුවන් තොටුපළ තුළදීම පී.සී.ආර්. පරීක්ෂණ වලට යොමු කිරීමෙන් අනතුරුව නිරෝධායනය සදහා යොමු කිරීමට නියමිතයි.
