මැලේරියා රෝගීන් 08 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙම සියලු පුද්ගලයින් විදේශ රටවලසිට මෙරටට පැමිණි අය බව මැලේරියා මර්දන ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පවසයි.
වසරේ මේ දක්වා කාලය තුළ මැලේරියා රෝගීන් 20දෙනෙකු වාර්තා වූ බව ඔහු සඳහන් කළේය.