විදෙස් රැකියා අපේක්ෂකයන්ට දැනුවත් කිරීමක්
පෝලන්ත රැකියා ලබාගත හැකි බවට වෙළඳ දැන්වීම් ප්‍රචරයකර රැකියා බලාපොරොත්තු වන්නන් ගෙන් වංචනිකව මුදල් ලබාගැනීමේ ජාවාරමක් අනාවරණය කරගෙන තිබේ. මේ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කර තිබේ.
ශ්‍රී ලංකාවේ ව්‍යාජ රැකියා නියෝජිත ආයතන විසින් මෙම ජාවාරම සිදුකරන බවද හෙළිවී තිබේ.
එසේම පෝලන්ත රැකියා ලබාගැනීම සඳහා අනිවාර්යෙන්ම රැකියා බලපත්‍රයක් තිබිය යුතු බව පෝලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දන්වා ඇති බව ද නිවේදනයේ සඳහන් වේ.
මේ අනුව පෝලන්තයේ රැකියා බලපත්‍රයක් නොමැති ශ්‍රී ලංකාවේ රැකියා නියෝජිතායතන වෙත කිසිදු මුදලක් නොගෙවන ලෙසද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා.
