විදේශයන් හි රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට
කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකි විදෙස් රටවල් හතරක රැදී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇත.
ඒ අනුව කටාර් හි සිට 50දෙනෙකු, සවුදි අරාබියේ සිට 52දෙනෙකු දිවයිනට පැමිණ ඇත.
එමෙන්ම මාලදිවයිනේ සිට පුද්ගලයින් 44දෙනෙකු සහ පාකිස්ථානයේ සිට එක් පුද්ගලයෙකු ද අද දිවයිනට පැමිණීමට නියමිත බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරයි.
මෙරටට පැමිණි පිරිස් මෙන්ම පැමිණීමට නියමිත පිරිස් ද පී.සී.ආර්. පරීක්ෂණ වලට යොමු කිරීමෙන් අනතුරුව නිරෝධායනයට යොමු කිරීමට නියමිතයි.
