News

ශ්‍රීලනිප තරගකරුවෝ අද පක්ෂ මූලස්ථානයට

ඉදිරි මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයන් සියලුදෙනා අද (20 වැනිදා) පක්ෂ මූලස්ථානයට කැඳවා තිබේ.

පොදුජන පෙරමුණ සමග එක්ව මැතිවරණ කටයුතුවල නිරත වීමේදී උද්ගත විය හැකි ගැටලු මෙන්ම මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව එම පක්ෂ ආරංචි මාර්ග ‘අරුණ’ට පැවැසීය. පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වේ. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම තරග කරන කළුතර, නුවරඑළිය, වන්නි හා යාපනය යන දිස්ත්‍රික්කයන්හි අපේක්ෂකයන් වෙනම දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ද පක්ෂය සකස් කර තිබේ.

නිලන්ත මදුරාවල