ශ්‍රී ලංකාව මානව හිමිකම් ප්‍රශ්න බහුල රටක්
මානව හිමිකම් ගැටලු පවතින ප්‍රමුඛ රටක් ලෙස එක්සත් රාජධානිය විසින් ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇති බව බ්‍රිතාන්‍යයේ විදේශ පොදු රාජ්‍ය මණ්ඩලීය හා සංවර්ධන කාර්යාල ඇමැති විම්බල්ඩන් සාමිවරයා ප්‍රකාශ කර ඇත. එම නිසා ශ්‍රී ලංකා රජය මානව හිමිකම් සම්බන්ධයෙන් ප්‍රමුඛතාව ලබාදෙන ආකාරය පිළිබඳව එක්සත් රාජධානියේ නිරන්තර අවධානය යොමුව ඇතැයිද ඇමැතිවරයා ප්‍රකාශ කරයි.
සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට වැඩි වශයෙන් හිරිහැර කිරීම, සිවිල් පරිපාලන ක්‍රියාකාරකම් මිලිටරිකරණය කිරීම සහ පශ්චාත් ගැටුම් පිළිබඳ වගවීම හා සංහිඳියාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවන්ට සහාය ලබාගැනීම ආදී ගැටලු ශ්‍රී ලංකා රජය සම්බන්ධයෙන් පවතින බව ඇමැතිවරයා අවධාරණය කර ඇත.
‘එම ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා සහ ශ්‍රී ලංකා විදේශ ඇමැතිවරයා සමග මේ පිළිබඳව කිහිප අවස්ථාවකදීම සාකච්ඡා කර ඇත්තෙමි. මෑතකදී එනම් නොවැම්බර් 4 සහ 5 යන දිනවලදීද ඔවුන්ට දුරකථන ඇමැතුම් ගත්තා.
මේ අතර එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය එක්ව 2021 මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් ගැටලු පිළිබඳ නව යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානමින් පසුවන බව මේ සතිය ආරම්භයේදී ‘අරුණ’ අනාවරණය කළේය.
නයන තරංග ගමගේ
