News

ශ්‍රී ලන්කන් ගුවන් ගමන් මැයි 31 තෙක් නෑ

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මගී ගුවන් ගමන් අත්හිටුවීම මැයි 31 වැනිදා දක්වා දීර්ඝ කර ඇති බව ගුවන් සමාගම පවසයි. කෙසේ වෙතත් රටවල් අතර සංචාරක සීමාවන් ලිහිල් කිරීමෙන් අනතුරුව ලෝකයේ ආර්ථික ක්‍රියාකාරකම් නැවත විවෘත කිරීම සැලකිල්ලට ගනිමින් ගුවන් සේවය ලන්ඩන්, ටෝකියෝ (නරිටා), මෙල්බර්න් සහ හොංකොන් වෙත ගමන් කිරීමට නියමිත බව (12 වැනිදා) පෙරේදා නිවේදනය කළේය.

‘වර්තමානයේ බොහෝ රජයන් විදේශයන්හි අතරමංව සිටින සංචාරකයන්ට අදාළ සංචාරක ලියවිලිවල නිරවද්‍යතාව සහ නිරෝධායන කාල සීමාවන්ට යටත්ව නැවත සිය රටවලට යාමට අවසර දී ඇත. ඒ අනුව මැයි 13 වැනිදා සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් මෙම විශේෂ සංචාරක ක්‍රමය යටතේ මගීන්ට ලන්ඩන් සහ ඉන් ඔබ්බට සංචාරය කිරීමට අවස්ථාව ලබාදී තිබේ.’ යනුවෙන් එම නිවේදනයේ සඳහන් කර තිබිණි. කෙසේ වෙතත් පවතින තත්ත්වයන් සැලකිල්ලට ගෙන ගුවන් ගමන් කල්දමන ලද බව ගුවන් සේවය ප්‍රකාශ කරයි.

නයන තරංග ගමගේ