ශ්‍රී ලන්කන් ගුවන් යානයක් ඕස්ට්‍රේලියාවට පිටත්ව යයි
කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින පිරිසක් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් මෙල්බර්න් බලා පිටත්ව ගොස් තිබේ.
අද(09) උදෑසන 7.30ට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්.604 දරන ගුවන් යානය මෙලෙස ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා පිටත්ව ගොස් ඇත.
මෙම ගුවන් යානය හෙට(10) අලුයම 5.20ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත ළඟා වීමට නියමිතයි.
මෙම සියලු ගුවන් මගීන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරෙනු ඇත.
