News

ශානි අබේසේකර සහ උප පොලිස් පරීක්ෂක යළි රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා සහ උප පොලිස් පරීක්ෂක ලබන මස 03 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අද (20) ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔවුන් දෙදෙනා සැප්තැම්බර් 03 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, නීති විරෝධී ගිනි අවි ළඟ තබාගත් බවට කිහිපදෙනෙකු යොදාගනිමින් සාක්ෂි නිර්මාණය කළ බවට ශානි අබේසේකර මහතාට චෝදනා එල්ල විය.

ඊට අදාළව ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගත් අතර ඔහු සමග එක්ව බොරු සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාවට ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ උප පොලිස් පරික්ෂකවරයා ද අත්අඩංගුවට ගැණුනි.