News

ශානි ඇතුළු සැකකරුවන් තිදෙනා 16 දක්වා රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන මස 16 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අද (02) ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔවුන් පිරිස ඔක්තෝබර් 16 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීමේ චෝදනා සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේය.