News

ශින්ෂෝ අබේ ජපාන අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

ජපාන අග්‍රාමාත්‍ය ශින්ෂෝ අබේ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජපාන අග්‍රාමාත්‍යවරයා සිය සෞඛ්‍ය ගැටළු මුල් කර ගනිමින් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.

මේ පිළිබදව පැහැදිලි කිරීම ද ජපාන අග්‍රාමාත්‍යවරයා විසින් එරට රූපවාහිනි නාළිකා හරහා සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ශින්ෂෝ අබේ වසර 8ක කාලයක් එම ධූරයේ කටයුතු කර තිබේ.